ගුවන් හමුදාවේ 74 වෙනි සංවත්සරයට සමගාමීව සංවිධාන කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය අද උදෑසන වීරවිල ගුවන් හමුදා කදවුර ඉදිරිපිටින් ආරම්භ වුණා.
පිරිමි පා පැදි තරගය තෙදිනක් පුරා පැවැත්වෙන අතර එහි පළමු අදියර ලෙස අද වීරවිල සිට රත්නපුර දක්වා කිලෝමීටර් 140.5 ක දුරක් ධාවනය කෙරෙනු ඇති.
මේ සදහා තරගකරුවන් 168 දෙනෙකු එක්ව සිටිනවා.