ගුරු විදුහල්පති විරෝධතාවයට පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට සමගාමිව ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති අද කොටුව දුම්රිය ස්ථානය අසල විරෝධතාවක නිරත වුණා.
එහිදි විරෝධතාවට එක්ව සිටි පිරිස් පාලනය කිරීම සදහායි පොලිසිය විසින් කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයන් එල්ල කර ඇත්තේ.













