සර්බියාව තුළ සිදු වන ගිනි අවි භාවිතා කරමින් සිදු කරනු ලබන ප්රචන්ඩත්වයට එරෙහිව එරට වැසියන් 10, 000ට වැඩි පිරිසක් වීදි බැස විරෝධතාවයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පසුගිය සතියේදී අවස්තා දෙකකදී සිදු කළ වෙඩි තැබීම් හේතුවෙන් ප්‍රාථමික පාසලක ළමුන් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධීන් මුල් කර ගනිමින් මෙම විරෝධතා පැවැත්වෙන බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ.
රජයේ ඉහළ නිලධාරීන් ඉල්ලා අස්විය යුතු බවත්, එමෙන්ම ප්රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන පුවත්පත් සහ රූපවාහිනී මධ්‍යස්ථාන වසා දමන ලෙසත් විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් වී තිබෙනවා.