ගිනි අවි දෙකක් පතරොම් 30ක් සමග සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් , රිවෝල්වර අවියක්, පතොරම් 30ක් , පතොරම් ගැබක් හා හිස් පතරොම් කොපු 04ක් සමග සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
බණ්ඩාරවෙල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.