ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනා ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව රුපියල් 20,000ක්ව පැවති ගර්භණී මව්වරුන්ගේ පෝෂණ දීමනාව රුපියල් 45,000 ක් දක්වා ඉහල දමා ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ගර්භණී සමයේ මාස 6ක කාලයකුත්, කිරිදෙන සමයේ මාස 4කුත් ලෙස මාස 10 ක කාලයක් සඳහා ප්රතිලාභ හිමිවනු ඇති. මාසිකව රුපියල් 4500 බැගින් ගර්භණී මව්වරුන්ට එම පෝෂණ දීමනාව ලබාදීම සිදුකෙරෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කළා.
උණුසුම් පුවත්
- නුවරඑළියට පිවිසුම් මාර්ග කිහිපයක්ම යථා තත්ත්වයට
- ජනපති අටමස්ථානාධිපති හිමියන් බැහැදකියි
- අත්‍යවශ්‍ය සේවා සම්බන්ධ පැමිනිලි සදහා නව දුරකථන අංකයක් හදුන්වා දීමට පියවර
- මහනුවර සිට දුම්රිය භාවිතා කරන මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක් හෙට සිට
- ජලාශ රැසක් වාන් මට්ටමේ
- ආපදා මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළට
- ආපදාවට පත් ප්‍රදේශ ගොඩනැගීමට එක්ව කටයුතු කළ යුතු බවට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ වැසි












