ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්‍රදේශයේදී ඊයේ සවස් කාලයේදී පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ලුනාව රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව ගල්කිස්ස පොලිසිය සඳහන් කරනවා.
මරණකරු වයස අවුරුදු 28ක් වූ අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ.
මෘත ශරීරය ලුනාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රථිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.