ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග ඩුබායි හී ඊයේ පැවති තරගය කඩුළු 6කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.
ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනිම සඳහා ඉන්දියාවට මේ වන විට අවස්ථාව උදා වී ඇති අතර තරගාවලියේ සත්කාරක රට වන පාකිස්ථානය මූලික වටයෙන්ම ඉවත්වීමේ අවදානමක පසු වනවා.
මෙම තරගයේ, කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්ථානය පන්දුවාර 49 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ, ලකුණු 241ක් පමණයි.
කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව, පන්දුවාර 42 යි පන්දු 3 ක් තුළ කඩුළු 4 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
එහිදී විරාත් කෝලී නොදැවී ලකුණු 100 ක් වාර්තා කළ අතර එය සටහන් වූයේ ඔහුගේ 51 වැනි එක්දින ශතකය ලෙසයි.
එමෙන්ම විරාත් කෝලී සිය එක්දින ජාත්‍යන්තර ලකුණු 14,000 සීමාව ඉක්මවා ගියේ, එම කඩයිම අවම ඉනිම් සංඛ්‍යාවකින් පසු කළ ලොව පළමු පිතිකරුවා බවට පත් වෙමින්.
ඔහු ඉනිම් 287ක දී එම දස්කම දැක්වූ අතර මීට පෙර සචින් තෙන්ඩුල්කාර් එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.
ඔහු ඉනිම් 350ක දී ලකුණු 14,000 සීමාව පසුකර තිබුණා