Covid-19 රෝගයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිළි කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත නිවේදනක් නිකුත් කර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ගෝලීය, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට Covid-19 රෝගය ඇති කරන SARS-CoV-2 වයිරසයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යාමක් වර්තාවන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
උණ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පවතී නම් අනවශ්‍ය ලෙස බිය වී රෝහල් ගතවීමේ අවශ්‍යතාවයක් මෙම අවස්ථාවේ පැන නොනගින නමුත් යම් අයෙකුට ශ්වසන රෝගයක් සමග හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතුවේ නම් රෝහලත් වෙත යොමු විය යුතු බවයි අදාළ නිවේදනය මගින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නෙ.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.