කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (29) දිනයේ සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 2.68 කින් පහත යනු ලැබුවා.
එය ප්රතිශතයක් ලෙස 0.02%ක්.
දිනය අවසානයේදී සියලුම කොටස් මිල දර්ශකය ඒකක 17,117.18 ක් ලෙස සටහන් වූ අතර, ඒ අනුව පිරිවැටුප රුපියල් බිලියන 8.4ක්.