දේශගුණික වෙනස්වීම් සමග වගා කටයුතු සිදුකිරීම පිළිබඳ සැලැස්මක් ඉතා කඩිනමින් ගොවීන්ට ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා .
අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, අද දිනයේ එම සැලැස්ම එළිදක්වන බවයි.
ඒ සඳහා අදාළ අමාත්‍යාංශ සමග සාකච්ඡාවක් පසුගියදා පැවැත්වූ බව ලේකම්වරයා පැවසුවා.
ඔහු සඳහන් කලේ ,එම සැලැස්ම අනුව වැඩකරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවයි.
මේ අතර සියලුම ඉඩම්වල වගා කිරීමට ඒ අනුව මෙවර මහ කන්නයේ සැලසුම් කර තිබෙනවා.
මේ අතර මහකන්නයේ හෙක්ටයාර එකක් සඳහා පොහොර මිලදී ගැනීමට රුපියල් 20,000 ක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසුවා .