උණ බට කැපීමට මීගම, ලිඳමුලවත්ත, තොටුපොල පාරේ පිහිටි හිස් ඉඩමකට ගිය වයස අවුරුදු 08 සහ 13 වයසේ පසු වන දරුවන් දෙදෙනෙකුට පිළිස්සී ගිය කසල ගොඩක තිබූ ජීව උණ්ඩ 46 ක් සහිත වීදුරු බෝතලයක් හමුවී ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි .
මෙම උණ්ඩ පිස්තෝල වර්ගයේ ගිනි අවි සඳහා භාවිතා කෙරෙන මිලි මීටර් 45 වර්ගයේ උණ්ඩ බවට හඳුනාගෙන තිබේ .
පිළිස්සී ගිය කසල ගොඩ අසලින් හමුවූ මෙම බෝතලයද කළු පැහැ ගැන්වී තිබූ බව පොලිසිය කියයි.