කාසල්රී ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ජලාශ වේල්ලට පහළින් වූ රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 10ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
ඊයේ(25) පස්වරු 5ට පමණ හටගත් ගින්න පවතින වියළි කාලගුණයත් සමග සීග්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර ගිය අතර එම ජලාශයේ ආරක්ෂක අංශ නිලදාරීන් කාසල්රී පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යාපනය ලබන සිසුන් සහ ප්‍රදේශවාසීන් එක්ව පැතිර ගිය ගින්න පාලනය කර තිබෙනවා.
මෙවැනි රක්ෂිතවලට ගිනි තබන පුද්ගලයන් වෙතොත් ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත තොරතුරු ලබාදෙන ලෙසයි හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා ඉල්ලා සිටින්නේ.














