21 හැවිරිදි ශිෂ්‍යයාවක් මොරටුව දී අතුරුදන්වීම සම්බන්ධයෙන් මොරටුව පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබෙනවා.
අතුරුදහන් වූ සිසුවිය කළුතර, ගමගොඩ, කොහුලානේ පදිංචිකාරියක් බවයි පොලීසිය පවසන්නේ.
ඇගේ මව මැයි 28 සවස මොරටුව පොලීසියට පැමිණ ඇය අතුරුදන් බවට පැමිණිලි කර තිබූ අතර සිය දියණිය පෙරේදා උදෑසන ඉංග්‍රීසි පාඨමාලාවට යන බව පවසා නිවසින් පිටත්ව ගිය බවත් සවස නැවත නිවසට නොපැමිණි බව ද , ඇගේ ජංගම දුරකතනය ද අක්‍රීයව පැවති බව ඇගේ මව පොලිසියට පවසා තිබේ.
එහිදී පොලිසිය විසින් අතුරුදන් වූ තරුණියගේ මව විසින් කළ පැමිණිල්ලට අනුව කළ සොයා බැලීමේදී තරුණිය පෙරේදා එම පාඨමාලාවට සහභාගී වී නැතිබව අනාවරණය වී තිබූ අතර මොරටුව පොලීසිය සඳහන් කළේ, ජංගම දුරකතන ජාල විශ්ලේෂණයක් කරමින් ඇය සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයන් හඳුනාගෙන ඉදිරි විමර්ශන කටයුතු පවත්වන බවයි.