කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාශය වෙත මාරු කර යවා තිබෙනවා. කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදු කෙරෙන විමර්ශන හේතුවෙන් මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ඝාතන සිදුවීම පසුගිය ජූනි 30 වැනිදා සිදු ව තිබුණා. එම සිද්ධියෙන් විසි දෙහැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් විසි හත් හැවිරිදි තරුණයෙකු තුවාල ලැබුවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙනවා.
උණුසුම් පුවත්
- අනවසරයෙන් පෙට්රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- පහරදීමකින් අයෙක් මරුට
- ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
- සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
- ප්රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට














