ජාතික ජන බලවේගයේ කයිට්ස් ප්රධාන සංවිධායකවරයා ඇතුළු සැකකරුවන් අට දෙනෙක් පොලිසිය විසින් ඊයේ(28) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
ඒ යාපනයේ කයිට්ස් ප්රදේශයේ දේවස්ථානයකට බීමත්ව පැමිණ දේව පිළිමයක් කඩාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
කයිට්ස් මෙලින්ජිමුනායි නාරායම්පති මාතා පල්ලියේ ඉදිකොට තිබූ රුපියල් මිලියන පහක් පමණ වටිනා කන්යා මරියතුමියගේ ප්රතිමාව කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා ඇති බවට දේවස්ථානය් පූජකවරයා විසින් කයිට්ස් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව ක්රියාත්මක වූ පොලිසිය විසින් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
එම දේවස්ථානයට යාබද ස්ථානයක ඊයේ(26) සවස විශාල පිරිසක් මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.
සාදයෙන් අනතුරුව පිරිස කෑ කෝ ගසමින් අශෝභන ලෙස හැසිරීමත් සමගින් දේවස්ථානයේ පූජකවරුන් එම පිරිසට සාදය පැවැත්වූ තැනින් ඉවත්ව යන ලෙස කාරුණිකව ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී අදාළ පිරිස පූජකවරුන් සමග ගැටුමක් ඇති කරගෙන පසුව රාත්රීයේ පැමිණ දේවස්ථානයේ තිබූ මිලියන පහක් පමණ වටිනා ඉන්දියාවෙන් ගෙනැවිත් ස්ථාපිත කොට තිබූ කන්යා මරියතුමියගේ ප්රතිමාවට හානි කොට දේවස්ථානයේ තවත් දේපලවලට අලාභ හානි කර ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වරද පිළිගෙන ඇති බවත් ඔවුන් නිදහස් කරන ලෙසට පොලිසියෙන් ඉල්ලා ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.