අළුත් අවුරුදු සමය වන විට එළවළු මිල තවදුරටත් අඩුවනු ඇති බව වෙළෙඳුන් පවසනවා.
කෙසේ වුවද ගොවීන් කියා සිටින්නේ මෙලෙස එළවළු මිල පහළ යාමෙන් තමන්ට පාඩු සිදුවන බවයි.
මාස කිහිපයකදී එළවළු මිල සීඝ්රයෙන් ඉහළ ගොස් තිබුණා.
එහෙත් මේ වන විට එළවළු මිල පහළ ගොස් ඇති බවයි කැප්පටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් පවසන්නේ.
කෙසේ වුවද එළවළු මිල සීඝ්‍රලෙස පහළ යාමෙන් තමන් අසීරුතාවට පත්ව සිටින බව ගොවීන් පවසනවා.