තායිලන්තයේ ෆුකෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයක් බෝම්බ තර්ජනයක් හේතුවෙන් හදිසියේ ගොඩ බස්වා තිබෙනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ්ෂ 379 දරණ යානය මෙලෙස යළි එම ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබැස්වීමක් සිදු කර ඇති බවයි.
විදෙස් පුවත් සේවා පවසන්නේ යානයේ සිටි ගුවන් මගීන් 156 දෙනාම ආරක්ෂිතව යානයෙන් ඉවත් කර ගැනුණු වයි.
කෙසේ වෙතත් සැකසහිත උපකරණ කිසිවක් යානයේ තිබී හමුවී නොමැති අතර ගුවන් තොටුපළේ මෙහෙයුම් ගටයුතුවලට කිසිදු බාධාවක් එල්ල නොවූ බවද බලධාරීන් පවසනවා.
ෆුකෙට් ගුවන් තොටුපළේ සාමාන්‍යධිකාරී මොන්චායි ටනෝඩ් කියා සිටියේ යානය ගුවන් ගතවීමෙන් පසුව ගුවන් යානයේ වැසිකිළියක බෝම්බයක් ඇති බවට ලැබුණු තර්ජනාත්මක පණිවුඩයක් හේතුවෙන් මෙම හදිසි ගොඩබැස්සවීම සිදු කරන ලද බවයි.
මෙහිදී සැකකරුවන් තිදෙනෙක්ගෙන් පොලිසිය ප්‍රශ්න කෙරුණු බවත් නමුත් එම සටහන ලියා ඇත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පැහැදිළි තොරතුරක් නොමැති බවත් ෆුකෙට් ගුවන් තොටුපළේ සාමාන්‍යාධිකාරිවරයා පවසනවා.
එයාර් ඉන්දියා ගුවන් සේවයේ නිලධාරියෙකු විදෙස් පුවත් සේවාවන්ට පවසා ඇත්තේ සැකකරුවන් තිදෙනාම මේ වන විට නිදහස් කර ඇති බවයි.
පසුගිය වසරේදී පමණක් ඉන්දියාවේ මෙවැනි ගුවන් යානාවල බෝම්බ ඇති බවට වූ තර්ජනාත්මක ඇමතුම් රැසක් ලැබී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සිදුවීම ඊයේ(12) අහමදාබාද්හිදී එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පසුව සිදුව ඇති අතර එම අනතුරෙන් පුද්ගලයන් 250කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වුණා.