2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා .
ඒ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින්.
ඉන්දියාවේ ගුවාහාටි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දු යවවිමට තීරණය කළා .
ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 යි පන්දු 04 ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 69 ක් පමණයි .
ඒ අනුව තරගය ජය ගැනීම සදහා එංගලන්ත කාන්තා කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 70 ක්.
එම ඉලක්කය පන්දුවාර 14 යි එක් පන්දුවක් අවසානයේ පසු කර යාමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.
උණුසුම් පුවත්
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
- නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
- යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි













