උද්දමනය ඉදිරි සතිය තුළ තවදුරටත් පහළ යනු ඇති බව මහ බැංකුව පවසනවා.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ මෙම මස අවසන් වන විට උද්මනය තනි ඉලක්කමක් දක්වා පහළ යනු ඇති බවයි.
කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්රකාශ කළා.
නව මහ බැංකු පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම තුළයින් එය නීතියක් බවට පත්ව ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සදහන් කළේ.
මේ අතර මහ බැංකු පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට අදාළ විවාදයට එක්වෙමින් ඊයේ පාර්ලිමේන්තුමේදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මෙලෙස අදහස් පලකළා.