පවතින යුදමය තත්ත්වය මත ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම ආරක්ෂාව සලසා ගන්නා ලෙසට එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දැනුම්දීමක් කර තිබෙනවා.
එසේම සතුරු පාර්ශ්වයන්ගෙන් එල්ල විය හැකි මිසයිලවලින් ආරක්ෂාවීම සඳහා ආරක්ෂිත කුටි ආසන්නයේ රැඳී සිටින ලෙසටද උපදෙස් ලබාදෙන බවයි එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ.
පවතින තත්ත්වය හමුවේ ප්‍රවාහන කටයුතු නවතා ඇති බවත් සියලු දෙනාටම ආරක්ෂිත ස්ථානවලට යන ලෙස උපදෙස් ලැබී ඇති බවත් තානාපති කාර්යාලය නිවේදනය කරනවා.
එසේම හදිසි අවස්ථාවකදී ගිලන් රථ සේවා ක්‍රියාත්මක බව්ත තානාපති කාර්යාලයේ නිලධාරීන්පැය 24 පුරා දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවත් තානාපතිවරයා වැඩිදුරටත් පවසනවා.
සෑම අවස්ථාවකදීම බීමට අවශ්‍ය ජලය හා වියළි ආහාර ළඟ තබා ගන්නා ලෙසත් ඖෂධ භාවිතා කරන පිරිස් නිරන්තරයෙන් ඒවා තමාගේ ආසන්න ස්ථානයක තබා ගන්නා ලෙසත් එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.