ඉන්දියාව සහ අමෙරිකාව අතර හවුල්කාරිත්වය නොවරදින බව හා එය පොරොන්දු වලින් පිරී ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසනවා.
ඔහු ඒ බව සඳහන් කළේ අමෙරිකානු – ඉන්දීය ව්‍යාපාරික කවුන්සිලයේ සමුළුව අමතමින්.එය ඉකුත්දා වොෂිංටනයේ දී පැවැත්වුණා.
එම සමුළුව මෙවර පැවැත්වුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරය සඳහා දෙරට සූදානම් වෙමින් සිටින පසුබිමක් තුළයි.
කෙසේවෙතත් සමුළුව අමතමින් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ඉන්දියාව සහ අමෙරිකාව යනු විශාල සහ සංකීර්ණ රටවල් ද්විත්වයක් බවයි.
දෙරට අතර විනිවිදභාවය ඉදිරියට ගෙන යාමට, වෙළඳපල ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීමට හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට දෙපාර්ශවයටම විශාල කාර්යය භාරයක් ඇති බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
- කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
- ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
- යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
- ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට














