ඉන්දියාව සහ අමෙරිකාව අතර හවුල්කාරිත්වය නොවරදින බව හා එය පොරොන්දු වලින් පිරී ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසනවා.
ඔහු ඒ බව සඳහන් කළේ අමෙරිකානු – ඉන්දීය ව්‍යාපාරික කවුන්සිලයේ සමුළුව අමතමින්.එය ඉකුත්දා වොෂිංටනයේ දී පැවැත්වුණා.
එම සමුළුව මෙවර පැවැත්වුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරය සඳහා දෙරට සූදානම් වෙමින් සිටින පසුබිමක් තුළයි.
කෙසේවෙතත් සමුළුව අමතමින් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ඉන්දියාව සහ අමෙරිකාව යනු විශාල සහ සංකීර්ණ රටවල් ද්විත්වයක් බවයි.
දෙරට අතර විනිවිදභාවය ඉදිරියට ගෙන යාමට, වෙළඳපල ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීමට හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට දෙපාර්ශවයටම විශාල කාර්යය භාරයක් ඇති බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
- සමනළ ස්වභාවික රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් පෙරූ අයෙක් අත්අඩංගුවට
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- ආණ්ඩුවේ හැංගිච්ච අරමුණු ගැන විමල්ගෙන් අනාවරණයක් – VIDEO –
- ඇමති ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ! – VIDEO –
- දිවයින පුරා වෛද්‍යවරුන් වර්ජනයකට සුදානමින් ?
- NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
- ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා දහසක්…













