ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසිනුයි වෙඩි තැබීම සිදු කර ඇත්තේ.
වෙඩි තැබීමෙන් නිවසේ සිටි කිසිවෙකුට හානි සිදුව නොමැති අතර, නිවසේ ජනේලයක් බිදී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරු පොලිසියට ලබාදීමට එරෙහිව මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.