ඇමෙරිකානු තීරු බදු පිළිබඳ රජයේ නිලධාරීන් සහ අපනයන ක්ෂේත්‍ර නියෝජිතයන් අතර සාකච්ඡාවක් අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා එක්සත් ජනපදය විසින් මෑතකදී පනවන ලද සියයට 20 ක තීරු බද්ද සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් පිලිබදව මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වුනේ..
ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී මංගල විජේසිංහ මහතා විසින් තීරු බදු අභියෝගයට මුහුණදීම සඳහා අපනයන කර්මාන්තයේ ඒකාබද්ධ වැඩපිළිවෙලක ඇති වැදගත්කම අවධාරණය කළා.
ඇමරිකානු තීරු බදු සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිපත්ති සහ සහාය යාන්ත්‍රණය පිළිබඳව රජයේ ප්‍රධාන ලේකම්වරුන් තිදෙනෙකුගේ උපාය මාර්ගික දේශනයක්ද මෙම සාකච්ඡාවට ඇතුළත් වී තිබුණා.
උණුසුම් පුවත්
- කතෝලික පියතුමෙකුට පහරදුන්නා යැයි කියන චෝදනාවට පොලිසියේ 6ක් රිමාන්ඩ්
- හැටන් නගරයේ සාප්පුවකින් රන් මාලයක් කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට
- රුසියානු කාන්තාවක් දියේ ගිලී මරුට
- සුළු සුළු කරුණු මත බලය ගන්න සුන්බුන් විපක්ෂය හිතනවා නම් ඒක සිහිනයක් විතරයි
- අසභ්‍ය දෑ පෙළපොතින් ඉවත් කරනු වෙනුවට ආණ්ඩුව කරන්නේ රඟපෑමක් – විශ්වාසභංගය තවමත් වලංගුයි
- කෝටි අටකට අධික වටිනා කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට
- දිය අනතුරකට ලක්වූ විදේශිකයන් දෙදෙනෙක් බේරා ගැනේ













