උතුරු නැගෙනහිර සමස්ත ගොවිබිම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට ජලයෙන් යටව තිබෙනවා.
වර්ෂාව තවදුරටත් පැවතීම හේතුවෙන් එම හානිය ගණනය කළ නොහැකි බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ සහ අර්ධ හානි සිදු වූ සියලුම ගොවි ජනතාව සඳහා රජය විසින් සහනදායි වැඩපිළිවෙළක් අනුගමනය කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවා.