හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු සහ මේ වනවිට සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන පී. ඩී අබේරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හොරණ ප්රදේශයේදී අහසට වෙඩිතබා පිරිසක් බියවැද්දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
හිටපු මන්ත්රීවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.