57 වන අලුත් සහල් මංගල්‍යය ලබන මස 06 දින පැවැත්වීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු සැළසුම් කර තිබෙනවා.
2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් කොටසක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කෙරෙනවා.
උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙන්ම 2024 යල කන්නයේ වගා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීම මෙහි අරමුණයි.