ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා එළිදැක් වනු ලැබුවා.
ඒ, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී.
ශ්‍රී ලංකා පොලීසියේ නව වෙබ් අඩවිය වන අඅඅ.චදකසජැ.කන වෙත පිවිසීමෙන් මහජනතාවට එය පරිශීලනය කළ හැකි වන අතර, පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සකසනු ලබන ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු, විශේෂ අවස්ථා, පුවත්, ඡායාරූප, වීඩියෝ ඇතුළු විශේෂාංග රැසක අන්තර්ගතයක් සමග නිරන්තරයෙන් යාවත්කාලීන කරන බවයි වැඩිදුරටත් පවසන්නේ.