බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම දෙසැම්බර් මස 15 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
මෙම ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන මංජුල තිලකරත්න සහ ලංකා ජයරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි කැඳවා ඇත්තේ.
එහිදී මෙම ඇප ඉල්ලීමට අදාළ විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.
ඒ අනුව නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මේ මස 28 වනදා ගොනු කරන ලෙසයි විනිසුරු මඩුල්ල නියම කළේ.
ඉන් අනතුරුව මෙම ඇප ඉල්ලීම පිළිබඳ විභාගය දෙසැම්බර් මස 15 වනදා සිදු කිරීමට ද නියම කර තිබෙනවා.
බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකාර අලි රොෂාන් නැමැත්තාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් නියම කරනු ලැබුවා.











