වියට්නාමයේ කාන්හෝවා ප්‍රදේශයේ නායයෑමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
විදෙස් මාධ්‍ය වාර්තා කලේ එරට කාන්හෝවා ප්‍රදේශයේ ධාවනය කරමින් තිබූ බස් රථයක් මතට පස් කඩා වැටීම හේතුවෙන් මෙම ජීවිත හානි සිදුව ඇති බවයි .
පස්වලට යටවීම හේතුවෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
එරටට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය මත මෙම නායයෑම සිදුව ඇති බවයි වාර්තා වන්නේ .










