තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව තලංගම පොලිස් වසමේ තලවතුගොඩ ප්‍රදේශයේදී පසුගිය 29 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 200ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී, ඔහු දැනට විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමග සමීප සබඳතා පවත්වන පුද්ගලයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.
මෝදර දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීමකට තැත් කිරීම, මෝදර සහ කොල්ලුපිටියේ දී හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ පුද්ගලයෙකු පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු පවරා ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු සිදු කර තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 36 ක් වන තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
රැඳවුම් නියෝග මත රඳවාගෙන සිදු කළ ප්‍රශ්න කිරිම්වලදී සැකකරු පහත අපරාධ වලට සම්බන්ධ බවටයි අනාවරණය වී ඇත්තේ.
2024.12.08 වන දින ගම්පහ පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයේ යතුරු පැදියේ පැදිකරු ලෙස ක්‍රියා කිරීම.
2025.03.08 වන දින සහ 2025.04.15 වන දින ගම්පහ පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතන දෙකකට තැත් කිරීමේ අපරාධවල යතුරු පැදියේ පැදිකරු ලෙස ක්‍රියා කිරීම.
2025.03.13 වන දින වැලිවේරිය පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයේ යතුරු පැදියේ පැදිකරු ලෙස ක්‍රියා කිරීම.
එමෙන්ම සැකකරු විසින් වෙඩි තැබීමේ අපරාධ සඳහා යොදා ගත් බවට සැක කරන ව්‍යාජ අංක තහඩු සවිකරන ලද යතුරු පැදියක් ද විමර්ශන නිලධාරින් විසින් යොයාගෙන තිබෙනවා.