මහව සහ අනුරාධපුර අතර මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කරන දිනය තවදුරටත් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
අදාළ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිවල ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර නොමැති බැවින් මෙලෙස ධාවන කටයුතු තවදුරටත් ප්‍රමාද වන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉඳිපොළගේ කියා සිටියේ.