තියුණු ආයුධයකින් පහරදී කාන්තවක් ඝාතනය කර ඇතැයි බිබිල පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(28) දහවල් බිබිල, රදලියද්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර සැකකරුද ගෙල කපාගෙන ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ැත්තේ වයස අවුරුදු 40ක් පමණ වූ රදලියද්ද බිබිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවද පොලිසිය පවසනවා.
මරණකාරිය සහ අනියම් පුරුෂයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදු කරන වැඩිදුර විමර්ශනයේද අනාවරණ වී ඇති බවද පොලිසිය පවසනවා.
සැකකරු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ බිබිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බිබිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













