අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් සිදු කිරීම අද සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටසේ පිට වීමේ දොරටුවලදී කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ පහසුකම් සලසා ඇති බවයි.
මේ අනුව අන්තර් හුවමාරු 35 ක් සහ පිටවීම් දොරටු 119 ක් තුළ අදාළ සේවා පහසුකම් අද සිට ක්‍රියාත්මක වනු ඇති.
රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා නව තාක්ෂණය යොදා ගනිමින් ජන ජීවිත පහසු කිරීම සහ වේගවත් කිරීම මුලික කර ගනිමින් ඉදිරිපත් කළ වැඩපිළිවෙලට අනුව මෙය ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය සඳහන් කළා.