දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් අවුරුදු 02ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (14) උදෑසන එම අනතුර සිදුව තිබුණේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇල්පිටිය පොලිස් වසමේදීය.
මත්තල දෙස සිට කොට්ටාව දෙසට ගමන් ගත් වෑන් රථයක ටයරයේ හුළං බැසීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ වැදී පෙරළීමෙන් එම අනතුර සිදුව තිබුණි.
අනතුරින් වෑන් රථයේ ගමන්ගත් කුඩා දරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් කුඩා දැරියක් මියගොස් තිබේ.
එලෙස මියගොස් තිබුණේ කතරගම වැඩිහිටිකන්ද ප්රදේශයේ පදිංචිව සිටි අවුරුදු 02යි මාස 02ක දැරියකි.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ කුඩා දරුවන් ඇතුළු වැඩිහිටියන් 12 දෙනෙකු පමණ ගමන් කර ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.