Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
    • නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
    • පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධිකරණ තීන්දුවට පෙර කිව්ව යූ ටියුබ්කරු ගැන පරීක්ෂණයක් පවත්වන්න

    අධිකරණ තීන්දුවට පෙර කිව්ව යූ ටියුබ්කරු ගැන පරීක්ෂණයක් පවත්වන්න

    මනුර සුදත් - හැටන්
    2025-08-24කියවීමට මිනිත්තු 2ක් ගතවේ.98 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය තීන්දු ලබාදීමට පෙර එය යූටියුබ් මගින් හෙළිකරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සමස්ත ලංකා ප්‍රගතිශීලි ජනතා පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසනවා.

    එම පෙරමුණේ හැටන් කාර්යාලයේදී මේ බව පැවසු ඉලංගෝ ගාන්දු මහතා එහිදී වැඩිදුරටත් මෙසේ කියා සිටියා.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට අරන් තියෙනවා. මෙය කනගාටුවට කරුණක්. මේ රට කඩා වැටුණු විට රට ගොඩ ගත්ත නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මහතා.

    එදා මේ රට කඩා වැටුණු වෙලාවේදී මේ රට බාරගන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. ඒත් එදා රනිල් වික්‍රමසිංහ මහතා මේ රට බාරගෙන මේ රට වැටී තිබුණු අගාධයෙන් ගොඩ ගත්තා.

    වැරදි කරලා තියෙනවා නම් එයට දඬුවම් දියයුතුයි. ඒත් කොහොමද මේ අතඅඩංගුවට ගැනීම රිමාන්ඩ් කිරීම් අධිකරණ තීන්දුවලට පෙර යූටියුබ්කාරයෙක් කියන්නේ. මේ යූටියුබ්කාරයා කියනවා රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්නාව ඔහු අධිකරණයට ඉදිරිපත් කරනවා රිමාන්ඩ් කරනවා එහෙම නොවුණොත් මම යූ ටියුබ් එක වහනවා කියලා.

    මොහු කවුද එයාගේ යූ ටියුබ් එක වහන්න කියන්න. මොහු මේ එහෙන් මෙහෙන් හිඟාකන අයෙක්. එසේම අධිකරණයට පෙර එය නිසි ලෙස පවසන්නේ මෙම පරීක්ෂණ මෙහෙයවන අය මොහු සමග යම් සම්බන්ධයෙක් තියෙනවද කියන එකත් සැකයක් පවතිනවා.

    එසේම මෙවැනි දේ වැරදි පූර්වාදර්ශයක්. මෙවැනි ක්‍රියාවලින් අධිකරණය පිළිබඳවත් ජනතාව තුළ යම් සැකයක් පවතින්න පුළුවන්.

    එම නිසා මෙම අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව එයට පෙර පැවසූ යූ ටියුබ්කරු පිළිබඳ නිසි පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.

    ඔහුට මේ පිළිබඳව යම් අයකු හෝ යම් පිරිසක් මෙම තොරතුරු ලබා දෙන්නේද යන්න පිළිබඳවත් සොයා බැලීමට පියවර ගත යුතුයි.

    පෙර පුව​තPHOTOS : බගවන්තලාවට මල් තුහින පතිත වෙයි
    ඊළඟ පුව​ත පොලිස් නිලධාරීන් 51 දෙනෙක්ට ලැබුණු තැන

    සබැ​ඳි පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    2026-03-20
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group