අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව, එම කමිටුවේ සභාපති මහාචාර්ය ඕ.ජී. දයාරත්න මහතා විසින් භාර දී තිබෙනවා.
ඒ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙතයි.
වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ අන්තර්ගත අධ්‍යාපන සභාව ස්ථාපනය කිරීම සඳහා අදාළ යෝජනාවලිය සකස් කිරීමට මෙම කමිටුව පත් කර තිබුණා.
මේ වන විට අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ රැස්වීම් තුනක් පවත්වා ඇති අතර එහි පළමු රැස්වීම පසුගිය ජූලි මස 07 වැනිදා පැවැත්වුණා.
අධ්‍යාපන සභාව ස්ථාපනයට අදාළ විද්වත් කමිටුව විසින් ඉතා කෙටි කාල රාමුවක් තුළ මෙම කමිටු වාර්තාව ඉතා කඩිනමින් සාර්ථකව සකස් කර භාර දීමටයි කටයුතු කර ඇත්තේ.
උණුසුම් පුවත්
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්













