Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා එප්පාවල විරෝධතාවක්

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා එප්පාවල විරෝධතාවක්

    2026-01-22කියවීමට මිනිත්තු 3ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ක්‍රියාත්මක කිරීම අත්හිටවු 06 ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොඩියුල ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන ලෙස රජයට බලකරමින් එප්පාවල නගරයේදී ඊයේ (21) විරෝධතාවක් පවත්වා තිබෙනවා.

    2026 හය ශ්‍රේණිය අත්හිටවු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යළි බල ගැන්වීම උදෙසා එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය විද්‍යාලයේ ගුරු, සිසු, දෙමාපිය එකමුතුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

    “06 ශේණිය දරුවන්ට නව විෂය මාලාව දෙන්න”, “ ජනපති මාමේ අපි කැමති අලුත් වෙන්න… ඇයි නොදෙන්නේ ඒකට ඉඩ”, “පැරණි විෂය මාලාව අපේ දරුවන්ට එපා”, “එදත්, අදත්, හෙටත් පරිප්පු ඇට අලවන්න අපේ දරුවන්ට ඉඩ දෙමුද”, “අපිට දෙන්න ප්‍රතිසංස්කරණ අපේ ළමුන්ට ලොව දිනන්න” ආදී සටන් පාඨ සහිත විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් සටන් පාඨ කියමින් සිසු දරු දැරියන් හා දෙමාපියන් මෙන්ම ගුරුභවතුන්ද විරෝධතාවයට එක්ව තිබෙනවා.

    ඔවුන් එප්පාවල බැංකු පෙදෙසේ විරෝධතාවයේ නිරත වූ අතර, එහිදී අදහස් දැක්වූ 06 ශ්‍රේණිය සිසුවකුගේ පියෙකු වන ලලන්ත කුළතුංග මහතා,

    “නව විෂය මාලාව පිළිබඳව දෙමාපියන් හැටියට අපි බලාපොරොත්තු වුණා.

    සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් තමයි අපි මේ රජය පත් කලේ.

    පාර්ලිමේන්තුවේ ආසන 159 ක විශාල බලයක් දුන්නා මේ වෙනස කරන්නට.

    හැබැයි ඔවුන් මේ වෙනසට අත ගහලා අපිට ඒ සිහින ලෝකය පෙන්නුවා. දැක්ම පෙන්නුවා.

    ඒ මොඩියුලර් ටික අපිට ලබා දුන්නා. ළමයි ඒවා පරිශීලනය කළා. දෙමාපියෝ හැටියට අපිට ලබා දුන් දැනුම්වත් කිරීම් අනුව අපි පන්ති කාමර පවා සකස් කළා.

    අපිට දුන්න ඒ අවස්ථාව යළි අපෙන් උදුරා ගන්න එපා කියන ඉල්ලීම තමයි ජනාධිපතිතුමන්ගෙන්, අගමැතිතුමියගෙන් හා අධ්‍යාපන බළධාරීන්ගෙන් ඉල්ලන්නේ.

    අපි දන්නවා මේ ආණ්ඩුව විපක්ෂයේ ඉඳලා කෑකෝ ගහලා බොහෝම දර දිය ඇදලා ගෙනාපු ආණ්ඩුවක්.

    ආණ්ඩුව දැනගන්න ඕන පාරේ උද්ඝෝෂණ කරනවා කියන්නේ කොච්චර අමාරුද කියලා. එයාලා ඒක අත්වින්දා. එයාලා ඒ ඉරණම අත්විඳපු අය.

    අපි මේ විදිහට දෙමාපියෝ එකතු කර ගන්න ලොකු කැපකිරීමක් කරන්න ඕන.

    වැඩි දිනයක් නෑ… ආණ්ඩුව මේක ආපස්සට ගත්තේ නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයට මුළු රටේම දෙමාපියෝ ලක්ෂ 07 කට වැඩි පිරිසක් එකතු වෙනවා.

    අපිට දැනගන්නට ලැබුණා මේ පිළිබඳව බ්‍රහස්පතින්දා සිකුරාදා පාර්මේන්තුවේ මේ පිළිබඳ විවාදයක් තියෙන වග.

    අපි ඉල්ලීමක් කරනවා විපක්ෂයත් මේකට සහය දක්වලා.

    ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මේක සම්මත කරලා මේක මේ 2026 වර්ෂයේම පටන් ගන්න කියලා.

    එහෙම නැත්නම් මේ තියෙන සුළු සුළු අඩුපාඩු තව මාසයක් දෙකක් තුනක් අරගෙන හරි අඩුපාඩු තියෙන මොඩියුල හදලා, අඩුපාඩු නොමැති මොඩියුල ක්‍රියාත්මක කරලා, මේක පටන් ගන්න.

    දෙමාපියන් අසරණ කරන්න එපා කියලා ඉල්ලීමක් කරනවා.

    මේක 2027 දක්වා කල් නොමරා මේක දැන්ම ක්‍රියාත්මක කරන්න.

    අපි කැපකිරීම් කරන්න සූදානම් ඒ නිසා මේක මේ වසරේම ක්‍රියාත්මක කරන්න යැයි ඉල්ලා සිටියා.

    එහිදී අදහස් දැක්වූ දේශප්‍රිය ජයවික්‍රම මහතා,

    පසුගිය වකවානුවේ මේ මොඩියුල සම්බන්ධයෙන් දින ගණනාවක් පුහුණුවීම් කළා.

    ඇත්තටම මේක දේශපාලන කථාවකට වැඩිය මං දකිනවා මේක රටක ජාතික අවශ්‍යතාවක්.

    යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමයක අපි තාම ඉන්නේ, අපි ඉගෙන ගත්ත කාලේ අධ්‍යාපන ක්‍රමයමයි කිසි වෙනසක් නැතිව මේ දරුවොත් ඉගෙන ගන්නේ.

    නමුත් ඒක වෙනස් විය යුතුයි. මේ වෙලාවේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපස්සට ගත්ත එක දරුවන්ට සිදු කළ අසාධාරණයක්. මාසයක් දෙකක් මේක ප්‍රමාද වුණාට කමක් නෑ.

    මේ වසරේදීම මේ වැඩපිළිවෙල ගෙන ආවොත් 2030 වසර වගේ වෙන විට කිසිම දරුවෙක් අධ්‍යාපනයෙන් ගිලිහෙන්නේ නැතිව සමාජයට දායාද කරන්න පුලුවන්.

    තවත් මේක අවුරුද්දකින් පස්සට දැම්මොත් මේ දරුවන්ට ඒක මඟ හැරෙනවා.

    රජය මේ පිළිබඳව සුභවාදීව කටයුතු කරයි කියා බලාපොරොත්තු වෙනවා. අපි පුහුණුවුණ විෂයන්වල ගැටලු තිබුණේ නෑ.

    ඉංග්‍රීසි විෂයේ තමයි ගැටලු තිබුණේ. ඒ ගැටලු පිළිබඳවත් අපි දැනගත්තේ මාධ්‍යයෙන් යැයිද පැවසීය.

    පෙර පුව​තරුපියල් මිලියන 900කට අධික මුදලක් වංචා කළ රේන්බෝ අයිතිකරු යළි රිමාන්ඩ්
    ඊළඟ පුව​ත ශ්‍රී පාද වන්දනාවේ ආ විදේශිකයෙක් ඇතුළු පිරිසකට බඹර ප්‍රහාරයක්

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group