Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    2026-07-23

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    2026-07-23

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    2026-07-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට
    • ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්
    • පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්
    • හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට
    • ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 ක් බාලවයස්කරුවන් බවට සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්
    • දින දෙකක ජල කප්පාදුවක් පිළිබඳ නිවේදනයක්
    • රතු මුහුදේ ගමන් කළ ඉන්ධන නෞකාවන්ට යේමනයෙන් ප්‍රහාර
    • ගිනි අවියක් සමඟ කාන්තාවක් පොලිස් භාරයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද දවසේ කාලගුණ තත්ත්වය

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11කියවීමට මිනිත්තු 2ක් ගතවේ.10 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    නිවේදනයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං ඇති විය හැකි බවද එහි සඳහන්.

    සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මේ අතර ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    වැසි තත්ත්වය

    හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    සුළඟ

    සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් 70ක් දක්වා වැඩි වි හැකි අතර, ත්‍රීකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් දක්වා ඉහළ යා හැක.

    මුහුදේ ස්වභාවය

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. එබැවින් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙනු ලැබේ.

    ආශ්‍රීත පුවත්:  පාරෙ කරන වැරදි කියන්න පොලිසියෙන් ඇප් එකක්

    ත්‍රීකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවේ.

    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

    මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2ක් 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

    weather
    පෙර පුව​තVIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    ඊළඟ පුව​ත බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    සබැ​ඳි පුවත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

    ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 ක් බාලවයස්කරුවන් බවට සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්

    දින දෙකක ජල කප්පාදුවක් පිළිබඳ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    2026-07-23

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    2026-07-23

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    2026-07-23

    හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

    2026-07-23
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group