උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේ අද දිනයේ මිලිමීටර් 75 ට වැඩි වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල ,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට සවස් කාලයේ දි හෝ රාත්‍රී කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
සබරගමුව පළාතේත්, කලුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ක තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං ඇති වන අතර අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මි. 45ත් 55ත් අතර අගයක් ගන්නා බව ද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.