අද සිට අවුරුදු 18ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා.
දේශීය ආදායම් කොමසාරිස් ඒ. එම් නෆීර් මහතා සඳහන් කරන්නේ බදු ගෙවීම සඳහා ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතු බවයි.
සියලු දෙනාට ජාතික හැඳුනුම්පත් අංකයක් මෙන් බදු ලිපිගොනු අංකයක් ලබාදීම මෙහි අරමුණ බවයි ඒ මහතා සඳහන් කලේ..
ඒ අනුව දැනට තිබෙන ජාතික හැඳුම්පත් අංකයට අමතරව මෙම අංකය ද අනිවාර්ය වනු ඇති.