කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පුජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් සහ තායිලන්ත ජාතික බෞද්ධ බැතිමතුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුවු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
මෙහිදී තායිලන්ත ජාතික බෞද්ධ කණ්ඩායම ඩොලර් 50000ක මුල්‍ය පරිත්‍යාගයක් ද සිදුකර තිබෙනවා.
එම මුදල ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘කදුලක් පිසදමමු’ ව්‍යාපෘතියට යොදවන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.
මෙරට ඉතා අසරණ තත්ත්වයේ පසුවන ජනාතාවට පිහිටවීම සදහා ජනාධිපති අරමුදල මගින් මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතයි.