යුරෝපයේ මේ වන විට දැඩි උෂ්ණත්වයක් පවතින බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. මේ හේතුවෙන් යුරෝපය පුරා ජන ජීවිතයට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. ඇතැම් රටවලට ඉතිහාසයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වෙමින් ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. ස්පාඤ්ඤය සහ එංගලන්තයට ජුනි මාසය තුළ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වී තිබෙනවා. ස්පාඤ්ඤයට අතිශයින් උණුසුම් කාලගුණික තත්ත්වයක් වාර්තා වී ඇත්තේ ජුනි, ජූලි සහ අගෝස්තු සඳහා අපේක්ෂිත සාමාන්‍ය උෂ්ණත්වයේ වාර්තා පවා ඉක්මවමින් බවයි සඳහන් වන්නේ. ජුනි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය මේ වන විට අභිබවා ගොස් ඇති බවයි එංගලන්තයේ, කාලගුණ විද්‍යා කාර්යාලය පෙන්වා දෙන්නේ. මේ අනුව සමස්තයක් ලෙස වර්ෂ1884 දී සිට එක්සත් රාජධානියෙන් වාර්තා වූ දෙවන ඉහළම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ පසුගිය ජූනි මාසයේදී බවයි සඳහන් වන්නේ.
උණුසුම් පුවත්
- චරිත්ට සහ අසිතට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
- විදේශීය සංචාරකයන්ගේ පැමිණීම මිලියන 2ක් පසු කරමින් ප්‍රංශ යුවලක් දිවයිනට
- වසරක් තුළ කාන්තා හිංසන පැමිණිලි 2183ක්
- සජිත්ගේ වැඩක් ගැන ඇමැති සමන්ත කතා කරයි
- ත්‍රීරෝද – වෑන් අනතුරෙන් ත්‍රීරෝද රථ රියදුරු මරුට
- ජපානයේ ගිණි කන්දක් පුපුරයි !
- ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක් – VIDEO –
- හිටපු භූ විද්‍යා සභාපති අනුරට ඇප













