ගෑස් මිල අඩුකිරීම හේතුවෙන් බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩුකිරීමට තීරණය කර තිබෙනවා .
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ, ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ ප්ලේන් ටී එකක මිල ද රුපියල් 10කින් අඩුකරන බවයි.
ඒ අනුව ප්ලේන් ටී එකක නව මිල රු 30ක් වන අතර කිරි තේ එකක මිල රු 90ක් ලෙසම පවතින බව ද ඔහු සඳහන් කළේ.