
යේමනයේ හූති සටන්කාමීන් සමඟ අමෙරිකානු නිලධාරීන් ඕමානයේදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සාකච්චා ඕමානයේ මස්කට්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ . ඕමාන රජය මැදිහත්වීමෙන් මෙම හමුව පවත්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිල වශයෙන් අදහස් පළ කර නොමැති බවයි එම මාධ්‍ය පවසන්නේ .














