තීරු බදු නොගෙවා අලෙවි කිරීමට සූදානම් කර තිබු විදේශ දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සුරාබදු නිලධාරීන් විසින් රාජගිරිය ප්රදේශයේ සිදුකළ වැටලීමකදීයි දුම්වැටී 5400කට අධික ප්රමාණයක් සමග සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අදාළ විදේශිය දුම්වැටී තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 5කට අධික වන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ.