හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ටී 56 ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම නඩුවේ පළමුවන සැකකාරිය වන විශාකා කුමාරි වීරකෝන් නමැත්තිය දැඩි ඇප කොන්දේසි මත ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කර තිබෙනවා.
එම සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා දීර්ඝ ලෙස කරුණු දක්වමින් කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා එම සැකකාරිය රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල් හා රුපියල් 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.
විමර්ශනවලට හෝ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට කිසිදු බාධාවක් හෝ තර්ජනයක් නොකරන ලෙසටද කොන්දේසියක් පැනවූ විනිසුරුවරයා එම සැකකාරිය විදේශගතවීම වළක්වාලමින් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.