සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් රැසක් සිය සංවිධායක ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තාවනවා.
මේ වන විට බණ්ඩාරවෙල ආසන සංවිධායක පා.ම. චමින්ද විජේසිරි, දඹුල්ල ආසන සංවිධායක නීතිඥ චම්පක විජේරත්න, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිදායක රංජිත් අලුවිහාර්. නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සේපාල සහ ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් සිය ආසන සංවිධායක ධුරයන්ගෙන් ඉල්ලා අස්වන බවට පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි යොමු කර ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර හොරොව්පතාන ආසන සංවිධායක අනුර බුද්ධික මහතාද අද(25) සිට සිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව තීරණය කර තිබෙනවා.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ සභිකයන් තෝරා පත් කර ගැනීමේ අර්බුදයක් හේතුවෙන් මෙලෙස ආසන සංවිධායකවරුන් රැසක් ඉල්ලා අස්වීමට හේතු වී ඇති බවටයි වාර්තා වන්නේ.
එසේම පක්ෂ නායකත්වයේ ඇතැම් තීරණ සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් පිරිසක් දැඩි ලෙස කලකිරීමට ලක්ව ඇති බවටද වාර්තා වනවා.
මේ අතර කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ තමා ආසන සංවිධායක ධුරයෙන් ඉවත් නොවන බවයි.
කෙසේ වෙතත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුර සම්බන්ධයෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී කියා සිටියේ පක්ෂය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ මැතිවරණ කටයුතු සඳහා තමා සම්බන්ධ කර නොගත් බවයි.
එසේම කොළඹ මහ නගර සභාවේ බලය ලබාගැනීමේ කිසිදු සාකච්ඡාවකට තමා සම්බන්ධ කර නොගත් බවත් ඒ සම්බන්ධයෙන් මුජිබර් රහුමාන් මහතාගෙන් විමසන ලෙසත් මාධ්‍ය හමුවේදී කියා සිටියා.