හැටන් නගරයේ කුලී රථ ධාවනයට යොදවා ඇති ත්‍රීරෝද රථයක් පැහැරගෙන යාමට තැත් කළ පෞද්ගලික මූල්‍ය ආයතනයක තැරැව්කරුවෙකු(සීසර්වරයෙකු) හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන පුද්ගලික ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.
ත්‍රීරෝද රථයේ අයිතිකරු විසින් මූල්‍ය ආයතනයට වාරික මුදල් ගෙවීම පැහැර හැරියේ යැයි කියන හේතුවක් මත එම මූල්‍ය ආයතනය විසින් ත්‍රීරෝද රථය රැගෙන එන ලෙසට මූල්‍ය ආයතනය විසින් තැරැව්කරුවෙකුට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත එම තැරැව්කරු හැටන් පොලිසියට පැමිණි පැමිණිල්ලක්ද සිදුකර හැටන් පොලිසියේ නිලධාරියෙකුගේද සහය ඇතිව එම ත්‍රිරෝද රථය රැගෙන යාමට පැමිණි අවස්ථාවේ ත්‍රීරෝද රථයේ අයිතිකරු සහ ත්‍රීරෝද ගාලේ සිටි පිරිස ත්‍රීරෝද රථය රැගෙන යාමට විරෝධය දක්වා තිබෙනවා.
ත්‍රීරෝද රථයේ හිඟවාරික මුදල අදාළ මූල්‍ය ආයතනයට ගෙවීමට ගිය අවස්ථාවේ මූල්‍ය සමාගම විසින් මුදල් ලබාගැනීම ප්‍රතික්ෂේප කළ බවයි ත්‍රිරෝද රථයේ අයිතිකරු කියා සිටින්නේ.
ත්‍රීරෝදර ථය රැගෙන යාමට තැරැව්කරුවන් සමග පැමිණි පොලිස් නිලධාරියාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ත්‍රීරෝද රථය රැගෙන යාමට පැමිණි පිරිස හැටන් පොලිසියේ පැමිණිල්ලක් සිදුකර පොලිස් ආරක්ෂාවක්ද ඉල්ලූ නිසා සාමය කඩවීමක් සිදුනොවීමට වගබලා ගැනීමට තමන් එම පිරිස සමග පැමිණි බවයි.
ත්‍රීරෝද රථය රැගෙන යාමට පැමිණි අවස්ථාවේ අයිතිකරුගෙන් සහ අවට පිරිසගෙන් විරෝධයක් මතුවීම නිසා ත්‍රීරෝද රථය හැටන් පොලිසිය වෙත රැගෙන ගොස් සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමටද පියවර ගන්නා බවද එම පොලිස් නිලධාරියා කියා සිටියා.