ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ (ජාතික පාසලේ) 13 වසරේ තාක්ෂණ අංශයේ ඉගෙනුම ලබන භවන්ත ජනිත් පවිත්‍රආරච්චි සිසුවාට විෂය භාර ගුරුවරයා අමානුෂික ලෙස පහර දුන් බව පවසමින් එම සිසුවා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ පසු එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා අද(26) දින මහනුවර ශීක්‍ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
මාස දෙකක පමණ කාලයක් තමන් පාසලට නොපැමිණි බවත් එම මාස දෙක තුළ විෂය බාහිර පන්තිවලට ගිය බවත් ඉකුත් 23 වනදා තමන් පාසලට ගිය අවස්ථාවේ විෂය භාර ගුරුවරයා තමන් වෙත පැමිණ සටහන් පොත් ඉල්ලු අවස්ථාවේ තමන් බාහිර පන්තිවලට සහභාගි සටහන් පෙන්වූ අවස්ථාවේ සටහන් පොත විසිකර දමා ගුරුවරයා අතින් තමන්ගේ මූණට පහරවල් කිහිපයක් පහර දුන් බවත් එම සිසුවා පවසනවා.
පසුව තමන් ගිනිගත්හේන පොලිසියට පැමිණිල්ලක් කර රෝහල් ගතවීමට පැමිණි අවස්ථාවේ එම පාසලේම වෙනත් ගුරුවරු තිදෙනෙක් ත්‍රීරෝද රථයකින් ගිනිගත්හේන පොලිසිය අසලට පැමිණ තමන්ව බලහත්කාරයෙන් ත්‍රීරෝද රථයේ නංවාගෙන පාසලට රැගෙන ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකරන ලෙසට එම ගුරුවරු තමන්ට බලපෑම් කළ බවද පහරකෑමට ලක්වූ සිසුවි පවසනවා.
කෙසේ වෙතත් සිසුවා පවසන්නේ තමන්ට දැනට ශ්‍රවණ ආබාධිත තත්ත්වයක් පවතින බවයි.
අප මේ සම්බන්ධයෙන් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතාගෙන් කළ විසමීමකදී ඔහු කියා සිටියේ මාස කිහිපයක් පාසලට නොපැමිණි හේතුවෙන් එමසිසුවාගෙන් විමසා ගුරුවරයා එම සිසුවාට ඇතුළු තවත් සිසුන් කිහිපදෙනෙකුට තරයේ අවවාද කර ඇති බවයි.
අප මේ සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්සක විරාජ් විතානගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රෝහල් ගතව සිටින සිසුවා විසින් තමන් පහර දුන් බව පවසමින් ඔහුගේ මුහුණු පොතේ බොරු සටහනක් තබා ඇති බවට පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බවයි.
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ රෝහල් පොලිසිය විසින් සිසුවාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙනඅ ැති බවත් එම ප්‍රකාශය තම පොලිසිය වෙත ලැබීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරනු ලබන බවද පොලිසිය පවසනවා.