වෙඩි වැදීමක් හේතුවෙන් සීදුව කොටුගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්. අදාළ පුද්ගලයා තවත් අයෙකු සමග මෝටර් රථයකින් ගමන් කර ඇති අතර කොටුගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් එම රථය පරික්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී ඔහු පොලිස් සැරයන්වරයාගේ ගිනිඅවිය උදුරාගැනීමටයි උත්සාහ දරා ඇත්තේ.
එම අවස්ථාවේ දී එම අවිය ක්‍රියාත්මක වී අදාළ නිලධාරියාගේ පාදයකට හා උදුරාගැනීමට උත්සාහ කළ පුද්ගලයාගේ උදරයට වෙඩි වැදී තිබෙනවා.
පාඩුව දෙදෙනාම මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර අදාළ පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.
උණුසුම් පුවත්
- පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
- මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
- දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට














